තෙල් මිල අඩුවීමේ වාසිය ජනතාවට නැතත් ආණ්ඩුවට ජයටම ලැබිලා !

Spread the love

රට තුළ ඇති වූ කොවිඩ්-19 වසංගතයේ දෙවන රැල්ලේ බලපෑමෙන් අනතුරුව 2020 වසරේ දෙසැම්බර් මාසයේදී භාණ්ඩ අපනයන යථා තත්ත්වයට පත් වූ අතර, අත්‍යවශ්‍ය නොවන ආනයන සඳහා වන සීමාවන් අඛණ්ඩව පවත්වා ගෙන යාම සහ ගෝලීය ඉන්ධන මිල සාපේක්ෂව අඩු මට්ටමක පැවතීම හේතුවෙන් භාණ්ඩ ආනයන පෙර වසරේ අනුරූප මාසවලට සාපේක්ෂව අඛණ්ඩව අඩු විය.

සමස්තයක් ලෙස, 2019 වසර සමඟ සැසඳීමේ දී වෙළඳ හිඟය 2020 වසරේ දී එ.ජ. ඩොලර් බිලියන 2.0කින් සැලකිය යුතු ලෙස අඩු විය. විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ඉතිහාසයේ ඉහලම මාසික ලැබීම වාර්තා කරමින් 2020 වසරේ දෙසැම්බර් මාසයේදී ද විදේශීය අංශය ශක්තිමත් කිරීමට අඛණ්ඩව දායක විය.

මූල්‍ය ගිණුමේ, රාජ්ය සුරැකුම්පත් වෙළදපොළෙහි සහ කොළඹ කොටස් වෙළදපොළෙහි විදේශීය ආයෝජන 2020 වසරේ දෙසැම්බර් මාසයේදී සුළු ශුද්ධ ගෙවීම් වාර්තා කර ඇත. වර්ෂය අවසානයේදී දළ නිල සංචිත එ.ජ. ඩොලර් බිලියන 5.7ක් විය.

2020 වසරේ දී ශ්රී ලංකා රුපියල එ.ජ. ඩොලරයට සාපේක්ෂව සියයට 2.6කින් අවප්‍රමාණය විය. විනිමය අනුපාතිකය 2020 වසරේ දෙසැම්බර් මාසයේදී මෙන්ම 2021 වසරේ මේ දක්වා වූ කාලපරිච්ඡේදයේදී ද යම් විචලනයක් දැක්වීය.

RSL

Related Posts