තාවකාලික රියැදුරු බලපත්ර වෙනුවට නිල බලපත්ර කාඩ්පත් නිකුත් කිරීම සඳුදා ඇරඹේ
- Editor
- November 11, 2022
- පුවත් සහ වාර්තා
- 0 Comments
තාවකාලික රියදුරු බලපත්ර නිකුත් කළ පුද්ගලයන්ට එළඹෙන නොවැම්බර් 14 සඳුදා සිට නිල බලපත්ර කාඩ්පත් නිකුත් කරන බව මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව නිල රියදුරු බලපත්ර කාඩ්පත් තැපැල් මාර්ගයෙන් අයිතිකරුවන් වෙත ලබා දීමට කටයුතු කරන බවයි මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ සඳහන් කළේ.
නිල රියදුරු බලපත්ර කාඩ්පත් නිකුත් කර ගත නොහැකි වීම හේතුවෙන්, පුද්ගලයන් ලක්ෂ 6කට පමණ තාවකාලික බලපත්ර නිකුත් කිරීමට කටයුතු කර තිබුණා.

