ත්‍රිරෝද රථ ඉන්ධන කෝටාව ඉහළ දැමීමට අනුමැතිය
- Editor
- October 25, 2022
- ආර්ථික සහ ව්‍යාපාරික
- 0 Comments
පළමු අදියර ලෙස ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන කෝටාව දෙගුණ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනුමැතිය ලබාදී තිබෙනවා.
ඒ අනුව බස්නාහිර පළාත් ත්‍රිරෝද රථ ලියාපදිංචිය නොවැම්බර් 01 වැනිදා ආරම්භ වන අතර නව වැඩි කළ කෝටාව මත QR කේතය ඉන්ධන ලබා දීම නොවැම්බර් 06 වැනිදා සිට ආරම්භ කෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
අනෙකුත් පළාත් සඳහාද ඉදිරියේදී අදියර වශයෙන් මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

