තලංගම පොලිසියට ජවිපෙ ලේකම්වරයාගෙන් කට උත්තරයක්
- RSL
- October 22, 2011
- Uncategorized
- 0 Comments
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගෙන් තලංගම පොලිසිය ඊයේ (22 ඔක්.) ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති බව වාර්තා වේ.
පැලවත්තේ පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළුවක් මූලික කර ගනිමින් ප්‍රධාන ලේකම්වරයාට එරෙහිව මදනායක නැමැත්තෙකු ගොනුකර ඇති පැමිණිල්ලකට අනුව ජවිපෙ ලේකම්වරයාගෙන් කට උත්තරයක් ලබා ගත් බව තලංගම පොලිසිය සඳහන් කළේය.
පසුගිය 19 වැනිදා තමන් පක්ෂ මූලස්ථානයට ගිය අවස්ථාවේදී පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා තමන්ට බැණ වැදී, කකුල කඩා දමන බවට තර්ජනය කල බව මදනායක නැමැත්තා පොලිසියට පැමිණිලි කර ඇත.
පැමිණිල්ලේ අඩංගු කරුණුවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් මරණ තර්ජනයක් එල්ල කිරීමක් හෝ කකුල කඩා දමන බවට ප්‍රකාශ කිරීමක්වත් තමන් විසින් පැමිණිලකරුට සිදු නොකල බව ටිල්වින් සිල්වා මහතා පොලිසියට පවසා තිබේ.