තමුසෙගේ ලොක්කාගේ අම්මා මතක් කරගන්න එපා – මල පැනපු බන්දුලගෙන් මහින්දට දොස් මුරයක්..

Spread the love

 තමුසෙගේ ලොක්කාගේ අම්මා මතක් කරගන්න එපා – උ තමයි මේ හැමදේටම මුල- බන්දුලට මල පනී

 විශ්වාස භංගය භංග විමත් සමග අනාත වි සිටින උදය ගම්මන්පිල හා විමල් වීරවංශ අතර හමුවක් ඊයේ පවත්ව ඇති අතර තිබි ඇති අතර එහිදි දෙදෙනා සාකච්ඡා කොට ඇත්තේ විශ්වාසභංගය පරාජය වීමේ දොස්මුරය ජනාධිපති සිරිසේන වෙත පැවරීමට උත්සහ කළත් විශ්වාසභංගය හරහා ලොකුම දොස්මුරය ඔවුන් දෙදෙනාට හිමි වී වීමට නියමිත බවයි.

එසේම දූෂිතයෝ අල්ලන්න ඕන කියන අයම දූෂිතයන් රැක ගැනීමට පාර්ලිමේන්තුවේ සහය දුන් බවට දැන් ප්‍රචාරක වැඩසටහනක් ආරම්භ කිරීමට මේ හොඳම කාලය බවයි මන්ත්‍රීවරුන් දෙදෙනාගේම මතය වීඇත්තේ .

 

විශ්වාසභංගය  නිසා 10 වෙනිදා ලබපු ජයග්‍රහණයද කුණු ගොඩට

එසේම විශ්වාසභංගය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම අතර පැවති සාකච්ඡාවේදි බන්දුල ගුණවර්ධන පවසා ඇත්තේ විශ්වාසභංගය නිසා 10 වෙනිදා ලබපු ජයග්‍රහණයද කුණු ගොඩට වැටි ඇති බවයි.

“එක්සත් ජාතික පක්ෂය අතර තිබුණු අර්බුදය විසදුණා. ප්‍රතිසංස්කරණ ඉල්ලපු කණ්ඩායමටත් රනිල් මොනවා හරි ප්‍රතිසංස්කරණ ටිකක් දෙයි. මේ වෙලාවේ රනිල් ජාතික වීරයෙක් වෙලා ඉවරයි. තව ටික දවසකින් මුන් ටික මේ ජයග්‍රහණයත් එක්ක අපිව මඩවන්න පටන් ගනිවි. මේ අවුරුදු එකාමාර තුළ ආණ්ඩුව පුළුවන් තරම් අපිව මර්දනය කරන්න උත්සහ කරන්න පුළුවන්. “

එසේම බන්දුල ගුණවර්ධන තවදුරත් පවසා ඇත්තේ පළාත් සභා ද අවිනිශ්චිත තත්ත්වයක පවතින වකවානුවක එම මැතිවරණත් කල් දැමීමට ආණ්ඩුවකටයුතු කළ හැකි බැවින් පළාත් පාලන මැතිවරණ වලදී ඒකාබද්ධ විපක්ෂයට ඡන්දය දුන් පිරිස මෛත්‍රීපාල සිරිසේනගෙන් ගලවා ගැනීමට නව වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවයි.

කවුද මේ “ ලොක්කා“

එස් බී එක්කයි, තිලංග එක්කයි, දයාසිර් එක්කයි අපේ ලොක්කා එච්චර හොද නැති බව එහිදි එම කණ්ඩායමේ මන්ත්‍රිවරයෙක් බන්දුලට එම අවස්ථාවේ මතක් කර දී තිබෙනෙවා.

“තමුසේ මොනවාද කියන්නේ? තමුසෙගේ ලොක්කාගේ අම්මා මතක් කරගන්න හදන්න එපා. උ තමයි මේ හැමදේටම මුල, හිතන් ඉන්නේ ඡන්දයක් දින්නාම මහ කෙරුමා කියලා. ඔහෝම හැමෝම එක්ක තරහා වෙලා පුළුවන්ද? මේක කරන්න බෑ. තමුසේ හරි තමුසෙගේ ලොක්කාට කියනවා මූණ එක්ක තරහා වෙලා නහය කපා ගන්න එපා කියලා.”

මල පැනපු බන්දුල කෑගහලා තියනවා. ඒ කතාවත් එක්ක සාකච්ඡාව වැඩිදුර නොගිය බවත් කට්ටිය ඉතා ඉක්මනින් විසිරි ගිය බවත් අපට වාර්තා වුණා.

Tags: