ඩයනා ගමගේ ට පනවා ඇති විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට අයත් උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත සහ විදේශ ගමන් බලපත්‍රය නීතිවිරෝධී මෙන්ම ව්‍යජ බව සඳහන් කරමින් ගොනුකර ඇති පැමිණිල්ල අද (17) දිනයේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ ඉදිරියේ කැඳවනු ලැබුවා.
ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරියට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම දෙසැම්බර් මස 15 වනදා දක්වා දීර්ඝ කරන ලෙසයි මහෙස්ත්‍රාත්වරයා දැනුම් දී ඇත්තේ.

