ටෙලිකොම් සභාපති එලවන්න ටෙලිකොම් ඇතුලෙන්ම කුමන්ත්‍රනයක්!

Spread the love

ටෙලිකොම් මෑන්පවර් සේවක ගැටලුව වසර 10ක් තිස්සේ උඩු දුවන්නකි. පසුගිය වකවානුව තුල පැමිණි සියළුම රජයන් පැමිණියේ යෙගටලිකොම් මෑන්පවර් සේවකයාට මෙම ගැටළුවට ස්ථීර පිළිතුරු දෙන බව පවසමිණි. නමුත් එයට පිලියමක් වශයෙන් පසුගිය රජය සේවකයන් සුලු පිරිසක් ටෙලිකොම් මවු සමාගමතුලට අන්තර්ග්‍රහණය කලද එම සේවකයන්ට තම පවුල රැ ගැනීමටවත් නොහැකි වැටුපකටය.

පසුව එම සේවකයන් නැවතත් අරගල කරන්නට විය. තත්වය එසේ තබියදී පසුගිය නොවැම්බරයේ නව ජනාධිපතිවරයාගේ ආගමනයත් සමග ටෙලිකොම් වෙත පැමිණි නව සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය මත හියුමන් කැපිටල් සොලුයුෂන් නමින් පවතාවාගෙන යනු ලබන ටෙලිකොම් මෑන්පවර් ආයතනය වසා දමා එම සියලු සේවකයන් සාධාරණ වැටුපකට ටෙලිකොම් වෙත අන්තර්ග්‍රහනය කරණ ලෙසත් ඒ සදහා සුදුසු යෝනාවක් තමන් වෙත ලබා දෙන ලෙස හියුමන් කැපිටල් ආයතනයේ ප්‍රධාන විධායක නිලදාරී රොෂාන් කළුආරච්චි මහතාට නියෝග කර ඇත. ඒ නමින් පමණක් වෙනස් වූ ටෙලිකොම් ආයතනයට අනුබද්ධිත මෙම ආයතනයේ සියලු වැටප් ගෙවීම් ඇතුලු සියලුදෑ සිදුකරනු ලබන්නෙ ටෙලිකොම් ආයතනය මගින් බැවින් ආයතන දෙක්ක පවත්වාගෙන යාමෙන් මුදල් නාස්තියක් වන බව සභාපතිවරයාට අනාවරණය වීමෙනි.

පසුව මෑන්පවර් සේවකයන්ගේ සේවාකාලය සහ අධ්‍යාපන සුදුසුකම් මත සුදුසු තනතුරුවලට අනුයුක්ත කිරීමේ යෝජනාවක් මේවන විට සභාපතිවරයාට ලබාදී ඇත.

නමුත් තත්වය එසේ තිබියදී තමන්ට මෑන්පවර් ආයතන නිධානයක් ලෙස දකින ටෙලිකොම් මෑන්පවර් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරි රොෂාන් කළුආරච්චි සහ මානවසම්පත් ප්‍රධානී ලෙස කටයුතු කරනු ලබන දිවාන් රැවන්පුර මහතා තොරුතුර සහ සන්නිවේදන හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා මහතා සමග මේ පිලිබදව සාකච්ඡාවක් පවත්වා ඇතිබව වාර්තාවේ. එහිදි ඔවුන් පවසා ඇත්තේ ” ටෙලිකොම් මෑන්පවර් ආයතන වසා නොදමන ලෙසත් තමන්ට මෑන්පවර් රැකියා 400ක් ලබාදන්නම් සභාපති වරයා මාරුකරල දෙන්න” යනුවෙනි.

මේ පිලිබදව ටෙලිකොම් සභාපත්වරයාගේ කන වැටී ඇති බවද වාර්තාවේ.

RSL

Related Posts