ටී.න්.ඒ. මන්ත්‍රී පිරිසක් ඇමෙරිකාවට

Spread the love

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන් කණ්ඩායමක් ඊයේ (25 ඔක්.) ඇමෙරිකාව බලා පිටත්ව ගියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා පැවසුවේ, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආරාධනයකට අනුව එම සංචාරය සිදු කරන බවයි.

පිටත්ව ගිය එම පිරිසට එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන් ආර්. සම්බන්ධන්, සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් සහ එම්.ඒ. සුමන්දිරන් යන මහත්වරුන් ඇතුළත් වෙති.

සංචාරයේදී මෙරට වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අමෙරිකානු නි‍යෝජිතයින් කිහිපදෙනෙකු සමග සාකච්ඡා කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රි මාවෙයි‍ සේනාධිරාජා ප්‍රකාශ කළේය.

එමෙන්ම මන්ත්‍රී පිරිස බෑන්කී මූන් මහතා හමුවීමටද නියමිතය.