ජූනි 30 වැනිදාට කල් ඉකුත්වන විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට දැනුම්දීමක්

Spread the love

ජූනි 30 වැනිදාට වසර දහයකට පසු කල් ඉකුත්වන විදේශ ගමන් බලපත්‍ර වසරක් දක්වා නොමිලේ දීර්ඝ කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නව ඉලෙක්ට්‍රොනික චිප් ඇතුළත් කර ඇති විද්‍යුත් ගමන් බලපත්‍රය ලබන වසරේ ජනවාරි මාසය වන විට මහජනතාවට නිකුත් කෙරෙන අතර, නව විදේශ ගමන් බලපත්‍රය විද්‍යුත් ගමන් බලපත්‍රයක් බවට පත් කර ගැනීමට මහජනතාව උනන්දු කරනු ලැබේ.

ලබන වසරේ ජනවාරි මාසයේ සිට විද්‍යුත් ගමන් බලපත්‍ර ව්‍යාපෘතිය නිකුත් කිරීම ආරම්භ වන තෙක් ජූනි මස අග සිට කල් ඉකුත් වන සියලුම ගමන් බලපත්‍රවල වලංගු කාලය වසරකින් දීර්ඝ කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූ පසු වාර්ෂිකව විද්‍යුත් ගමන් බලපත්‍ර ලක්ෂ 7ක් පමණ නිකුත් කිරීමට දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ.

Related Posts