ජාතික රුධිර පාරවිලයන සේවය ලබා දුන් සහතිකය

Spread the love

රුධිර පාරවිලයන ක්‍රියාවලියේදී රුධිරයෙන් බෝවන විෂබීජ නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධි තාක්‍ෂණික පරීක්ෂණ ක්‍රම මගින් තහවුරු වන බව ජාතික රුධිර පාරවිලයන සේවයේ (National Blood Transfusion ServiceNBTS) අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසයි.

රුධිර පරිත්‍යාගශීලියා සෞඛ්‍ය සම්පන්නද නැද්ද යන්න තහවුරු කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ පරීක්ෂණ ක්‍රම අනුගමනය කරන බව ද ඔහු පැවසීය.

මැලේරියාව, සිපිලිේස්, හෙපටයිටිස් බී, හෙපටයිටිස් සී සහ එච්.අයි.වී ඒඩ්ස් යන රෝග පහ නිසා පරිත්‍යාගශීලීන්ගේ රෝගී තත්ත්වයන් හඳුනා ගැනීම සඳහා විශේෂ අධිතාක්ෂණ පරීක්ෂණ සිදු කරන බව වෛද්‍ය එදිරිසිංහ මහතා පැවසීය.

ලෝකයේ HIV ඒඩ්ස් ප්‍රතිශතය 4% සිට 5% දක්වා ඉහළ ගොස් ඇති බව පැවසූ ඔහු ආසාදිත ස්වේච්ඡා පරිත්‍යාගශීලියෙකුගෙන් රුධිරය ලබා ගැනීමේ අවදානම වළක්වා ගැනීම සඳහා පරිත්‍යාගශීලීන්ගේ තත්ත්වය පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.

කෙසේ වෙතත් ලෝකයේ සියලුම දියුණු පද්ධති භාවිතා කරන විශ්වාසවන්තම ක්‍රමය මෙය බව වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා සඳහන් කළේය.

Related Posts