ජාතික ක්‍රිකට් කණ්ඩායමේ 4ක් ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයෙන් අසමත්

Spread the love

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයෙන් ක්‍රීඩකයෝ සිව් දෙනෙක් අසමත් බව වාර්තා වේ.

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය අද (12 ) පැවැති අතර එම පරීක්‍ෂණයෙන් අසමත් ක්‍රීඩකයින් වන්නේ ඩිල්රුවන් පෙරේරා, කුසල් ජනිත් පෙරේරා, භානුක රාජපක්‍ෂ සහ ධනුෂ්ක ගුණතිලක යන සිවු දෙනායි.

මේ අතර මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් කියා සිටියේ මෙම ක්‍රීඩකයන්ට තවත් අවස්ථාවක් දෙන බවයි.

ධනංජය ද සිල්වා සහ අවිෂ්ක ප්‍රනාන්දු ආබාධ හේතුවෙන් ද කුසල් මෙන්ඩිස් සිය විවාහ උත්සවය හේතුවෙන් ද කොරෝනා වයිරසය ආසාධනය වීම හේතුවෙන් ළහිරු තිරිමාන්න ද මෙම පරීක්ෂණයට සහභාගී නොවූහ.

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා නම්කළ 36 දෙනෙකුගෙන් සමන්විත සංචිතයෙන් ක්‍රීඩකයින් 32 නෙකු මෙම පරීක්‍ෂණය සඳහා ඉදිරිපත් සිටියහ.

RSL

Related Posts