2024 ජනාධිපතිවරණය පැවැත්වෙන ලබන සිකුරාදා (26) ප්‍රකාශයට පත් කිරීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මැතිවරණ දිනය තීන්දු කිරීම දැනටමත් අවසන් කර ඇති බව ද හෙට (25) පැවැත්වීමට නියමිත රැස්වීම කොමිසමේ සාමාන්‍ය රැස්වීමක් පමණක් වන අතර මැතිවරණ දිනය පිළිබඳව සාකච්ඡා කිරීමට අදහස් නොකරන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර අදාළ ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කළේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය සති අන්තයට පෙර ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි.