ජනාධිපතිවරණට අදාළ පැමිණිලි 1000 ඉක්මවයි
- RSL
- October 20, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව දහස ඉක්මවා ඇති අතර පසුගිය අට වැනිදා සිට ඊයේ දිනය දක්වා පැමිණිලි 1034ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
පැමිණිලි 992ක්ම මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධ පැමිණිලි වන අතර ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම් සම්බන්ධයෙන් වන පැමිණිලි 08ක් ද ඒ අතර වන බව සඳහන්.
ඊයේ දිනය තුළ පමණක් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි 96ක් ලැබී ඇත.
