ජනපති වෝහාරපති ගෞරව නාමයෙන් පිදුම් ලබයි
- RSL
- August 30, 2011
- Uncategorized
- ජනාධිපති මහින්ද රාජපක්ෂ
- 0 Comments
නීති විද්‍යාලයේ ශිෂ්‍යයකුව සිට මෙරට ඉහළම තනතුර වන ජනාධිපති ධුරය දක්වා ගමන් කොට අති විශිෂ්ට ජන නායකයකු වශයෙන් අත්කර දුන් කීර්තිය අගයමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ වෝහාරපති ගෞරව නාමයෙන් පිදුම් ලබයි.
නීති විද්‍යාලයේ 100 වන කණ්ඩායමට අයත් ශිෂ්‍යයෙකුව සිටි ජනාධිපතිතුමා වෙත කොළඹ නීති විද්‍යාලයේ 137 වන සංවත්සරය වෙනුවෙන් මේ සම්මානය පිරිනැමීමට නීති විද්‍යාලයීය ශිෂ්‍යයින් පියවර ගෙන ඇත.
නීති විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්. ඩී. රොද්‍රිගෝ මහතා විසින් ජනාධිපතිතුමා වෙත එම විද්‍යාලයීය පරිශ්‍රයේදී ඊයේ (29 අගෝ.) පැවති උත්සවයක දී මේ ගෞරව නාමය පිරිනැමිණ.
නීති විද්‍යාලයට මෙතෙක් අඩුපාඩුවක්ව පැවැති වෛද්‍ය මධ්‍යස්ථානය ජනාධිපතිතුමා අතින් සිසු අයිතියට පත් කර දෙන ලදී.
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක, අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම්, නීතිපති මොහාන් පීරිස්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරානි තිලකවර්ධන යන මහත්ම මහත්මීහු සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා ද, විනිසුරුවරුන්, නීතිවේදීන්, නීති ශිෂ්‍යයින් ඇතුළු විශාල පිරිසක් ද මෙම උත්සව අවස්ථාවට එක්ව සිටියහ.