ජනපති පාර්ලිමේන්තුවට යයි

Spread the love

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (05) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ගියේය. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, කනක හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සහ යූ.කේ. සුමිත් යන මහත්වරු විසින් පාර්ලිමේන්තු සංකීර්ණය අභියසදී  ජනාධිපතිතුමා පිළිගනු ලැබීය.

පාර්ලිමේන්තු සභා ගර්භය වෙත පිවිසි ජනපතිවරයා එහි රැඳී සිටිමින් මන්ත්‍රීවරුන්ගේ දේශනවලට සවන් දුන්නේය. නව පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරය ඇමතීමෙන් පසු ජනාධිපතිවරයා සභාවේ අසුන් ගත් පස්වන අවස්ථාව මෙයයි.

Tags: