ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි
- Editor
- October 21, 2021
- දේශපාලන, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (21) පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණියේය.
පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි ජනාධිපතිතුමා සභානායක දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන කනක හේරත්, නාලක ගොඩහේවා, කංචන විජේසේකර, අරුන්දික ප්‍රනාන්දු සහ පාර්ලිමේන්තු මන්ත්‍රි ඉසුරු දොඩංගොඩ යන මහත්වරු විසින් පිළිගැනුණු අතර පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් සමග ජනාධිපතිතුමා සභා ගර්භයට පිවිසියහ.
ජනාධිපතිතුමා සභා ගර්භයට පිවිසෙන විට ස්ථාවර නියෝග 27/2 යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ප්‍රශ්න ඇසීම සිදුකරමින් සිටියේය.
විපක්ෂ නායකවරයාගේ වාචික ප්‍රශ්නවලට මහින්දානන්ද අලුත්ගමගේ, ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරුන් විසින් දුන් පිළිතුරුවලට ද ජනාධිපතිතුමා සවන් දුන්නේය.

