ජනපතිවරණයට එරෙහි නීතීඥයාගේ පෙත්සම ඉවත දමයි
- Editor
- July 15, 2024
- පුවත් සහ වාර්තා
- news
- 0 Comments
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ජනමත විචාරණයකින් තොරව ජනාධිපතිවරණය නොපැවැත්විය යුතු බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා නීතීඥයෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රුපියල් 500,000ක නඩු ගාස්තුවක් සමග නිෂ්ප්‍රභ කරන ලදී.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විනිසුරු අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සමේ කිසිදු සාධාරණත්වයක් නොමැති බව පවසමින් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළේය.
එම මුදල මේ වසරේ ජූලි 31 වැනිදාට පෙර ගෙවන ලෙස පෙත්සම්කරුට නියෝග කෙරිණි.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකින් නිසි ලෙස සම්මත නොවූ බවට තමන් විශ්වාස කරන බැවින් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන යටතේ මෙවර ජනාධිපතිවරණයක් පැවැත්වීම අභියෝගයට ලක් කරමින් නීතිඥ අරුණ ලක්සිරි මහතා සිය පෙත්සමෙන් ඉල්ලා සිටියේය.

