ජනගහනයෙන් 30% ක් උග්‍ර ආහාර අනාරක්ෂිත තත්ත්වයක – WFP
- Editor
- September 14, 2022
- උණුසුම් පුවත්
- 0 Comments
මෙරට ජනගහනයෙන් 30% ක් උග්‍ර ආහාර අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බව ලෝක ආහාර වැඩසටහන අනාවරණය කර තිබෙනවා.
ඒ අනුව දුර්වල කෘෂිකාර්මික නිෂ්පාදනය, මිල ඉහළ යාම සහ පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙලෙස ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාව උග්‍රවිය හැකි බවයි ඔවුන් සඳහන් කරන්නේ.
වසර දෙකක භෝග අස්වැන්නක් නිසි පරිදි නොලැබීම හේතුවෙන් මෙරට ආහාර නිෂ්පාදනය 50% කින් පහත වැටී ඇති අතර මේ වසරේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 03 ක් දක්වා අඩුවනු ඇති බවද අදාළ වාර්තාව මඟින් පෙන්වා දී තිබෙනවා.
මේ වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට හදිසි ආධාර ලබා නොදුනහොත් මේ තත්ත්වය තවදුරටත් උග්‍රවිය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

