ඡන්ද මධ්‍යස්ථාන වෙත ජංගම දුරකථන ගෙන යාම ගැන මැකො ගත් තීන්දුව

Spread the love

සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරුපය සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමත් සමඟ සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්ද මධ්‍යස්ථාන තුළට ජංගම දුරකථන රැගෙන යාම තහනම් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙන බව මැතිවරණ කොමිෂමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය.

‘නිදහස් හා සාධාරණ ජනාධිපතිවරණයක් සහතික කිරීමේ මාධ්‍ය භූමිකාව’ තේමා කර ගනිමින් ශ්‍රී ලංකා පුවත්පත් සංගමය විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක් අමතමින් රත්නායක මහතා කියා සිටියේ සලකුණු කළ තැපැල් ඡන්ද පත්‍රිකාව නිකුත් කළ පුද්ගලයා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එවැනි ප්‍රවණතාවක් නැවැත්වීම සඳහා කොමිසම සැප්තැම්බර් 21 වන දින ඡන්ද මධ්‍යස්ථාන තුළට ජංගම දුරකථන තහනම් කරන බව ඔහු වැඩි දුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා, “තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේදී එවැනි සලකුණු සහිත ඡන්ද පත්‍රිකා අන්තර්ජාලයට මුදා හැරීමේ ප්‍රවණතාවක් අප නිරීක්ෂණය කර තිබෙනවා. අපිට ඕන ඡන්දෙ දවසෙ ඒක වළක්වන්න.”

‘ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය සියලු මූලික කටයුතු මේ වනවිට සූදානම් කර තිබෙනවා. එසේම තරග වදින සියලුම අපේක්ෂකයින් සඳහා මාධ්‍ය විසින් සම මට්ටමේ ක්‍රීඩා පිටියක් සහතික කළ යුතු බව අප අදාළ ජනමාධ්‍ය වෙත දන්වා තිබෙනවා. එසේම තවත් වැදගත් කරුණක් අවධාරණය කළ යුතුයි. නිල නොවන ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් මාධ්‍ය වැළකිය යුතුයි“

“මෙවර ජනාධිපතිවරණයට අපේක්‍ෂකයින් 38ක් ඉදිරිපත් වෙලා ඉන්නවා. එක් එක් ගණන් කිරීමේ කාමරවල නියෝජිතයින් පස් දෙනෙකු සිටීම සහතික කළ හැකියි. එවිට එය තරඟකාරී ස්ථානයක් බවට පත් වෙනවා. ඔවුන් ගණන් කිරීමේ නිලධාරීන්ට බාධා කරමින් ආධාරකරුවන් සමඟ බෙදා ගැනීමට නිල නොවන ප්‍රතිඵල සටහන් කරනවා. ඔවුන්ට සමහර වෙලාවට ඒක හරියට පේන්නෙ නෑ. ඔවුන්ගේ සංඛ්‍යාව සමහර විට නිල සංඛ්‍යා සමඟ ගැළපෙන්නේ නැහැ. ඒ නිසා නිල නොවන ප්‍රතිඵලවලින් ජනතාව නොමඟ යැවිය යුතු නැහැ,” මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Related Posts