චීන නැවට අවසර දෙන ලෙස ස්වාධීන පක්ෂ එකමුතුව රජයෙන් ඉල්ලයි
- RSL
- August 12, 2022
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
මතභේදයට තුඩු දී ඇති චීනයේ යුවාන් වැන්ග් – 5 පර්යේෂණ නෞකාවට හම්බන්තොට වරායට ඇතුළුවීමට අවසර ලබාදිය යුතු බව ස්වාධීන පක්ෂ එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ඒ අනුව ශ්රී ලංකා-චීන සබඳතා රැකගෙන, ද්වීපාර්ශවීය සබඳතා ආරක්ෂා වන සේ රාජ්යතාන්ත්රික ක්රම මඟින් මතුව ඇති ගැටලුව විසඳා ගැනීමට යුහුසුළුව ක්රියා කරන ලෙසයි ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ.
නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ප්රධාන ලේකම් වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ඇතුලු ස්වාධීන කණ්ඩායමේ නියෝජිතයින් අටදෙනෙකු විසින් මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.
අදාළ නිවේදනය පහතින්.


