ගෝඨාභයට විශිෂ්ඨ ජයක්
- RSL
- November 17, 2019
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- Gotabaya Rajapaksa
- 0 Comments
ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ මෙතෙක් නිකුත් කර තිබෙන නිල ඡන්ද ප්‍රතිඵලවලට අනුව 52.12%ක ඡන්ද ප්‍රතිශතයකට හිමිකම් කියමින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමත්ව සිටී.
නිල ඡන්ද ප්‍රතිඵවලට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිව තිබූ ඡන්ද සංඛ්‍යාව 6,774,041 ක් විය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා 42.11 %ක ඡන්ද ප්‍රතිශතයකට හිමිකම් කියමින් ඡන්ද 5,564,239 ක් ලබාගැනීමට සමත්ව සිටී.
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 418,553 ක් ලබා ගනිමින් තෙවැනි තැනට පත්ව ඇති අතර ඔහු ලබාගෙන ඇති ප්‍රතිශතය 3.16 % කි.

