ගම්පහ ප්‍රදේශයට හෙට පැය අටක ජල කප්පාදුවක්
- Editor
- November 12, 2022
- පුවත් සහ වාර්තා
- 0 Comments
පෑලියගොඩ වත්ත, ජා ඇල, කටුනායක – සීදුව නගර සභා බල ප්‍රදේශ සහ කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජාඇල, කටාන, මිනුවන්ගොඩ යන ප්‍රාදේශිය සභා බල ප්‍රදේශවලට මෙන්ම ගම්පහ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයට හෙට (13) දිනයේ ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා සිටින්නේ හෙට පෙරවරු 08.30 සිට පස්වරු 05.00 දක්වා කාලය තුළ එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි.

