ගංගානම් සහ යමුනා ගංගාවලට හිමිකම් නැහැ

Spread the love

මිනිසුන්ට ඇති හිමිකම් ගංගාවන්ට නැති බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. ගංගානම් සහ යමුනා ගංගාවන්ට එම හිමිකම නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය දක්‌වා තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තීන්දුවට හේතු වී ඇත්තේ ගංගා නම් නදියට හා යමුනා නදියට මිනිස්‌ හිමිකම් ඇති බව පහළ අධිකරණය ලබාදුන් තීන්දුව ඉවත දැමීමෙනි.

මොහමඩ් සලීම් නමැති පෙත්සම්කරුවකු ඉදිරිපත් කළ පෙත්සමකින් මෙම ගංගාවන්ට හිමිකම් ලබා දෙන ලෙස ඉල්ලා තිබුණි.

ගංගානම් ගඟ සැතපුම් 1553 ක්‌ දිග වේ. එහෙත් එම ගංගාව පරිසර දූෂණයට ලක්‌ වී ඇත. මේ අතර ඉන්දීය මහාධිකරණය පැවසුවේ හිමාල අඩවිය විල් සහ වනාන්තරවලට හිමිකම් ඇති බවයි.