කොවිඩ්-19 ආසාදිත මරණ 118ක් – ලංකාවෙන් වාර්තා වූ ඉහළම මරණ සංඛ්‍යාව
- Editor
- August 10, 2021
- පුවත් සහ වාර්තා
- feature
- 0 Comments
ශ්‍රී ලංකාව තුළ එක් දිනකදී සිදු වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙන බව රජයේ ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුව විසින් අද (10) දින නිකුත් කළ නිවේදනයක සදහන් වෙනවා.
ඊයේ (09) දින තහවුරු කර ඇති අතර එම මරණ 118ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,340ක් දක්වා ඉහළ යනවා..
මෙම මරණ අතර කාන්තාවන් 39 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 79 දෙනෙකුද සිටින අතර මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 101 දෙනෙකු සිටි බව ද සදහන්.

