මෙතෙක් මෙරට දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ගණන 48ක් වෙද්දී, ආසාදිතයින් 3398ක්
- Editor
- June 4, 2021
- CORONA: Covid 19, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
අද (04) දින කොවිඩ්-19 ආසාදිතයින් 3398 දෙනකු වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මේ සමග ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 199,242ක් බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.
මේ අතර අද (04) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 48ක් තහවුරු කර ඇත.
ඒ අනුව, මෙරටින් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 1,656ක් දක්වා ඉහළ ගොස් තිබේ.

