කොවිඩ් රෝගීන්ගෙන් 95%ක්ම Omicron ආසාදිතයින් – සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ
- Editor
- January 28, 2022
- පුවත් සහ වාර්තා, මතවාද
- featured
- 0 Comments
ශ්‍රී ලංකාවේ දැනට පවතින COVID-19 රෝගීන්ගෙන් 95%ක්ම Omicron ප්‍රභේදයට අයත් බව රසායනාගාර පරීක්ෂණ මගින් තහවුරු වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා අද (28) අනාවරණය කළේය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙහි පැවැති ප්රවෘත්ති සාකච්ඡාවක් අමතමින් ඔහු පැවසුවේ COVID-19 ආසාදන සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර රෝහල් ගතවීම ද වැඩි වෙමින් පවතින බවයි.
“කෙසේ වෙතත්, දැන් බූස්ටර මාත්‍රාව ලබා ගැනීමට මිනිසුන් ටිකක් වැඩි උද්යෝගයක් සහ උනන්දුවක් දක්වන බව අපිට වාර්තා වෙනවා. මීට පෙර විවිධ මිථ්‍යාවන් නිසා බූස්ටර මාත්‍රාව ලබා ගැනීමට මිනිසුන් සුළු පැකිලීමක් පෙන්නුම් කළා,” ඔහු වැඩිදුරටත් පැවසීය.

