කොවිඩ් ආසාදිත මරණ 214ක් තහවුරු කරයි
- Editor
- August 27, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ඊයේ (26) දින මෙරට කොවිඩ්-19 ආසාදිත මරණ 214ක් සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (27) දින තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මියගිය අයගෙන් 120 දෙනකු පිරිමින් වන අතර කාන්තාවන් ගණන 94ක් වේ. වසය අවුරුදු 60 සහ 60ට වැඩි පුද්ගලයින් 151ක්, වයස අවුරුදු 30-59 අතර පුද්ගලයින් 58ක් සහ වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින් 05ක් මියගිය අය අතර සිටී.

