කොවිඩ් ආසාදිත මරණ ගණන 100 පනී
- Editor
- June 11, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
මෙරට වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව අද (11) වසංගත රෝග විද්‍යා අංශය විසින් ප්‍රකාශයට පත් කළ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා. මෙසේ මියගොස් ඇති පිරිස 101ක් බවයි එම මාධ්‍ය නිවේදනයේ සදහන් වන්නේ.
වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරනු ලබන කොවිඩ් ආසාදිත මරණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ තුළ දැඩි විවේචනයක් පවතින අතර රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන මාධ්‍ය නිවේදනවලට දැඩි අවුල් සහගත බවක් පෙනී යනවා. කෙසේ වෙතත් රජය විසින් අද (11) දින නිකුත් කළ කොවිඩ්-19 ආසාදිත මරණ සම්බන්ධ සම්පූර්ණ නිල වාර්තාව අප ඔබට ඉදිරිපත් කරනවා.
covid-death-jun-10
