කොන්දොස්තරවරයෙකු නොමැතිව මගී බස්රථ ධාවනය කිරීමට අවධානය
- Editor
- November 20, 2022
- ප්රතිපත්ති සහ සංවර්ධන
- 0 Comments
ඩොලරය ඉහළ යාමත් සමඟ බස් රථ අමතර කොටස් මිල ඉහළ ගොස් ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහට පෙන්වාදුන් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව ඉදිරියේදී එම තත්ත්වය බෙහෝ දුරට අඩුවනු ඇති බවට මහ බැංකු අධිපතිවරයා එහිදී සඳහන් කළ බවයි එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ.
එසේම කොන්දොස්තරවරයෙකු නොමැතිව (Wallet System) මගී බස්රථ ධාවනය කිරීමට සහය ලබාදෙන ලෙස මෙහිදී මහ බැංකු අධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවත් ඒ සඳහා පූර්ණ සහය ලබාදෙන බව මහ බැංකු අධිපතිවරයා පැවසූ බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.
