කොටි වත්කම් විකිණීමට රජය සූදානම්
- RSL
- January 26, 2018
- ආර්ථික සහ ව්යාපාරික, උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- 0 Comments
කොටි සංවිධානය සතු රුපියල් බිලියන 1.5 ක් වූ අති විශාල දේපළ හා වත්කම් විකුණා දැමීමට රජය තීරණය කර ඇත.
ඉන් වැඩිම වටිනාකමක් ඇත්තේ කටුනායක ගුවන්තොටුපළ අසල ඇති ඉඩමයි. වන්නි මෙහෙයුමට පෙර මෙම ඉඩම ගැන තොරතුරු හෙළි වී නොතිබුණි.
විකුණා දැමීමට තීරණය කර ඇති දේපළ අතර වැල්ලවත්තේ මහල් නිවාස සංකීර්ණයක් සහ මුද්රණාලයක්ද වේ. මේ හැර කොටි සංවිධානය සතුව තිබූ බැංකු ගිණුම් තුනක්ද රාජසන්තක කර ඇත.

