කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර ගැන අති විශේෂ ගැසට් නිවේදනයක්

Spread the love

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර දිවයින පුරා ගෑස් අලෙවිසැල් තුළ විකිණීමට තිබිය යුතු බව නිෂ්පාදකයන් හා වෙළෙඳුන් වෙත පාරිභෝගික කටයුතු අධිකාරිය නියෝග කරයි.

පාරිභෝගික සේවා අධිකාරිය විසින් අද (09) නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් මේ නියෝගය නිකුත් කර තිබේ.

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර තම සන්තකයෙහි හෝ භාරයේ හෝ තම පාලනය යටතේ ඇති කිසිම වෙළන්ඳෙකු විසින් ඒවා  විකිණීම ප්‍රතික්ෂේප කිරීම හෝ එම සිලින්ඩර මිලදී නොගැනීමට සෘජුව හෝ වක්‍රාකාරයෙන් පාරිභෝගීකයින්ට බලපෑම් නොකළ යුතු බව ද අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

එම අති විශේෂ ගැසට් නිවේදනය පහත පළ වේ.

Tags: