කිරිපිටි මිල ගැන නිල නිවේදනයක්
- Editor
- January 14, 2026
- ආර්ථික සහ ව්‍යාපාරික, පුවත් සහ වාර්තා
- Economy
- 0 Comments
ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල අනිද්දා (16) සිට රුපියල් 125කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල පහළයාම සැලකිල්ලට ගනිමින් එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් එකඟවී ඇත.

