කමිඳු මෙන්ඩිස් ටෙස්ට් වාර්තා පොත අලුතින් ලියයි
- Editor
- September 26, 2024
- ක්‍රීඩා, පුවත් සහ වාර්තා
- Sports
- 0 Comments
වසර 132ක් පැරණි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ පළමු ටෙස්ට් තරග 8දී නොකඩවා වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් අද (26) වාර්තා අතරට එක්විය.
නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී අද පැවැති 02 වැනි ටෙස්ට් තරගයේදී කමිඳු මෙම වාර්තාව තැබුවේය. එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 306ක් ලබා තිබුණි.
අද තරගය නතර කරන විට නොදැවී ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස් ලකුණු 51ක් ලබා සිටියේය. අද දිනයේ තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට කඩුළු 3ක් දැවී ලකුණු 306ක් ලබා තිබුණි.

