කබ්රාල්ට එරෙහි විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ
- Editor
- October 26, 2022
- උණුසුම් පුවත්
- 0 Comments
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පනවා තිබෙන විදේශ ගමන් තහනම නොවැම්බර් මස 24 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
එසේම ඔහු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද කොළඹ මහෙස්ත්රාත් අධිකරණය නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.
දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් අද (26) යළි කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී තිබෙනවා.

