එන්නත නොගත් වයස 30ට වැඩි පුද්ගලයින්ට රජයෙන් කාරුණික ඉල්ලීමක්
- Editor
- September 20, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
වයස අවුරුදු 30 ට වැඩි සහ මෙතෙක් එන්නත් නොකළ පුද්ගලයින් මෙම සතිය තුළදී එන්නත් ලබා ගත යුතු බව රජය අවධාරණය කරයි.
තරුණ හා නව යොවුන් වියේ දරුවන් සඳහා එන්නත් ලබා දීම සඳහා ප්‍රමුඛතාවය දිය යුතු බැවින් වැඩි කාලයක් එම එන්නත් මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට නොහැකි බැවින් නියමිත දින නියමයක් නිකුත් කිරීමට රජයට බල කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.
“වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින්ගෙන් විශාල පිරිසකට එන්නත් ලබා දී ඇති නමුත් විවිධ හේතුන් නිසා තවමත් එන්නත් ලබා නොගත් පුද්ගලයින් කිහිප දෙනෙක් සිටිනවා. ඔවුන් සඳහා එන්නත් මධ්‍යස්ථාන දිනපතා විවෘතව තැබීමට අපට නොහැකියි. මෙම පිරිසට එන්නත් ලබාදීය පසුගිය සතියේ දී අවසන් කිරීමට නියමිතව තිබුණා. ඒ නිසා 30 ට වැඩි පුද්ගලයින් සඳහා එන්නත් කිරීමේ වැඩසටහන මේ සතිය තුළදී අවසන් කිරීමට අවශ්‍යයි. එබැවින් මේ දක්වා එන්නත ලබා නොගත් වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින්ට මෙම සතිය තුළදී එන්නත් ලබා ගන්නා ලෙස මම කාරුණිකව ඉල්ලා සිටිනවා‘ යැයි රාජ්‍ය ඇමතිවරයා පැවසීය.
