එන්නත් වැඩසටහනට ‘දේශපාලන ගොන්පාට් දැමූ’ මොරටුව නගරාධිපති රිමාන්ඩ් (වීඩියෝ)
- Editor
- May 28, 2021
- දේශපාලන, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ඊයේ (27) මොරටුවේ පැවැති Covid-19 එන්නත්කරණ කටයුතුවල යෙදී සිටි සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ට බාධා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටියදී පොලිසියට භාර වූ මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ජුනි 11 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මොරටුව වැඩ බලන මහේස්ත්‍රාත් උද්දාල සුවන්දුරුගොඩ මහතා නියෝග කළේය.

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් රජයේ නිලධාරීන්ගේ රාජකාරීයට බාධා කිරීම සම්බන්ධයෙන් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා අද පෙරවරුවේදී (28) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.
නගරාධිපතිවරයාගේ ක්‍රියාව සම්බන්ධයෙන් මොරටුමුල්ල පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිස් කණ්ඩායමක් අද (28) ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී ඔහු ගල්කිස්ස පොලසීසියට බාර වීමෙන් අනතුරව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
ඊයේ (27) මොරටුව මෝල්පේ සහ මොරටුමුල්ල උතුර ග්‍රාමසේවා වසම් සඳහා සයිනොෆාම් එන්නත ලබා දීමට ගිය වෛද්‍යවරිය ඇතුළු සෞඛ්‍ය නිලධාරීන් බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොරටුව නගරාධිපතිවරයාට චෝදනා එල්ල වී ඇත.

