එජාප නායකත්වය කරුට දෙන්න එකඟතාවයකට..!

Spread the love

ඉදිරි මහ මැතිවරණයේදී පක්ෂය මෙහෙයවීමට නම් නායකත්ව මණ්ඩලයක භූමිකාවක් නොව නායකත්වය හෝ නායකත්ව බලතල අවශ්‍ය බව, කතානායක කරු ජයසූරිය, එජාප ජ්‍යෙෂ්ඨ නායකයන්ට දන්වා ඇතැයි වාර්තාවේ.

ඉදිරි මහ මැතිවරණයේදී එජාප කඳවුර මෙහෙයවීම සඳහා රනිල්, සජිත් සහ කරු ද ඇතුළත් නායකත්ව මණ්ඩලයක් ස්ථාපිත කිරීමට මීට පෙර යෝජනාවක් ඉදිරිපත්ව තිබූ අතර එය සජිත් පාර්ශ්වය විසින් ප‍්‍රතික්ෂේප කර තිබිණි. මේ අනුව කරු ජයසූරිය මහතාට පක්ෂ නායකත්වය හෝ තීරණ ගැනීමේ බලතල පවරා මහ මැතිවරණයට මුහුණ දිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ.

එජාප නායකත්ව අර්බුදය පිළිබඳ පත්කර ඇති කමිටුව බදාදා (11)රැස්වූ අතර ඊට රනිල් පාර්ශ්වයෙන් ලක්ෂ්මන් කිිරිඇල්ල, වජිර අබේවර්ධන, මහාචාර්ය ආශු මාරසිංහද සජිත් පාර්ශ්වය වෙනුවෙන් රංජිත් මද්දුම බණ්ඩාර, මලික් සමරවික‍්‍රම සහ තලතා අතුකෝරල ද සහභාගි වී තිබිණි.

පක්ෂ ව්‍යවස්ථාව අනුව නායකයා ඉවත් වනතුරු ඉවත් කළ නොහැකි බවත් ක්ෂණිකව පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පක්ෂ සම්මේලනයක් පැවැත්විය නොහැකි බවත්, රනිල් පාර්ශ්වය මෙහිදී පෙන්වා දී ඇත. සජිත් පේ‍්‍රමදාස මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය දරමින් ක‍්‍රියාකාරී වී සිය හැකියාව පෙන්නුම් කළ යුතු බවත් ඉන්පසු ක‍්‍රම ක‍්‍රමයෙන් නායකත්වයට පත් කළ හැකි බවත් ප‍්‍රකාශ කර ඇති ඔවුන් පක්ෂයේ එකමුතුවක් නොමැතිව නායකත්වය වෙනස් කිරීමට රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ඇති අකමැත්තද දන්වා තිබේ.

එහෙත් සජිත් පාර්ශ්වය පෙන්වා දී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයා සහ විපක්ෂ නායකයා එක් අයකු වී පක්ෂ නායකයා තවත් අයකු විය නොහැකි බවය. මේ නිසා රනිල් වික‍්‍රමසිංහ මහතා විදේශ සංචාරයක නිරතවීමට නියමිත 20 වැනිදාට පෙර පක්ෂ නායකත්වය පේ‍්‍රමදාස මහතා වෙත ලබාගැනීමට තම කණ්ඩායම බලපෑම් කරමින් සිටින බව සජිත් පාර්ශ්වය නියෝජනය කරන එජාප නායකයෙක් පැවසීය.

මෙවර මහ මැතිවරණයේදී පක්ෂය මෙහෙයවීමට රනිල් හා සජිත් දෙදෙනාටම නොහැකි බවත් කරු වැනි මධ්‍යස්ථ අයකුට නායකත්ව බලතල පවරා පක්ෂයේ බෞද්ධ පදනම ආරක්ෂා කරගැනීම සුදුසු බවත් එජාපයේ ප්‍රබලයින්ගේ මතය වී තිබේ.

RSL

Related Posts