එජාපය රංජන්ගෙන් පළිගන්න යන හේතුව හෙළිවෙයි..!

Spread the love

එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ඉදිරි මහ මැතිවරණය සඳහා නාම යෝජනා ලබා නොදීමට පක්ෂ නායකත්වය තීරණය කර ඇති බව තමන්ට දැන ගන්නට ලැබුණ පවසයි.

ඔහු මේ සම්බන්ධයෙන් “ලංකා ඊ ප්‍රෙස්” සමග අදහස් දක්වමින් පවසා ඇත්තේ, තමා බෞද්ධ භික්ෂූ වහන්සේලාට අපහාස කළ බවට එල්ල වන චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරන බවයි.

‘‘මම බෞද්ධ භික්ෂූන් වහන්සේලා කීප දෙනෙක්ට අපහාස කළාලු. මම සියලුම ගරුතර මහා සංඝරත්නයට නෙමෙයි මේක කිව්වේ. තිත්ත ඇත්ත කථා කරන කෙනෙක් විදිහට මම කියපු දේ ඇත්ත. අදත් මම කියපු දේ වෙනුවෙන් පෙනී ඉන්නවා’ රාමනායක මහතා දැඩි ස්ථිර සාර ස්වරයෙන් කියනවා.

“දැන් කියලා තියෙනවා මට නාමයෝජනා දෙන්නේ නෑ පක්ෂයෙන් කියලා. එහෙම කරන්න මම කරපු වරද මොකක්ද? මම මගේ කාර්ය මණ්ඩලයට ඥාතීන්ව දාලා නෑ, මම බැඳුම්කර වංචාවට සම්බන්ධ නෑ, මම අලෝෂියස්ට කෝල් දීලා නෑ, මුදල් අරගෙන නෑ, කුඩු විකුණනා නෑ, එතනෝල් ගෙනල්ලා නෑ, මිනී මරලා නෑ, හොරකම් කරලා නෑ, නිල නිවාස අරගෙන නෑ, මට ලැබුණ පර්මිට් එක විකුණලා ඒ සල්ලි පදනමකට දාලා මිනිස්සුන්ට උදව් කරනවා”

තමාට නාම යෝජනා නොලැබුණහොත් ගන්නා ඉදිරි පියවර ගැන ද රංජන් කතා කළා.

‘මට නාම යෝජනා දුන්නේ නැත්නම් මම පක්ෂය මාරු කරන්නේ නෑ. මම ස්වාධිනව ඉල්ලනවා. ගම්පහින් හෝ කොළඹින් හෝ කොහෙන් හරි ස්වාධීනව ඉල්ලනවා. ජනතාව මට ඡුන්ද දුන්නොත් මම පාර්ලිමේන්තු යනවා. නැත්නම් ගෙදර ගිහින් රංගන ශිල්පියෙක් ලෙස මගේ භූමිකාව කර ගෙන යනවා’ ඔහු අවධාරණය කරනවා.

මේ සම්බන්ධයෙන් අප එජාපයේ ප‍්‍රබලයෙකුගෙන් විමසූ විට ඔහු කියා සිටියේ පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතාට සිංහල බෞද්ධ ඡන්ද අහිමි වීමට රංජන් රාමානායක සහ මංගල සමරවීර මහතාගේ ඇතැම් ප‍්‍රකාශ ප‍්‍රබල හේතුවක් වූ බවයි. අ

ප මේ ගැන රංජන් රාමානායක මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ

‘එහෙම නම් 2015 මහ මැතිවරණයේදී මොකද වුණේ ? පළාත් පාලන ඡන්දෙදි මොකද වුණේ ? කවුද ඒ ඡන්ද කැඩුවේ ? අපි හොඳින්ම දන්නවා ඒක වුණේ කොහොමද කියලා. මේක ඇත්ත ඉවසන්න බැරි කීප දෙනෙක් කරන දෙයක් මිස වෙන දෙයක් නෙමෙයි. මේ කල්ලිය තමයි පක්ෂය කෑවේ. අද ඔවුන්ගේ පව් අපේ පිටින් යවනවා’

RSL

Related Posts