එජාපයේ විරෝධතාවට සහභාගීවූවන්ට ගෞරවය පුද කරනවා – සරත් ෆොන්සේකා
- RSL
- November 30, 2011
- Uncategorized
- එජාපය, සරත් ෆොන්සේකා, හයිකෝප් නඩුව
- 0 Comments
එක්සත් ජාතික පක්ෂයේ ප්රධානත්වයෙන් පැවැත්වූ විරෝධතාවට තමාගේ ප්රශංසාව හිමි වන බව හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා පැවසූවේය. ඊට සහභාගී වූ සියල්ලන්ටම තමාගේ ගෞරවය හා ප්රණාමය හිමිවන බවද ඒ මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසූයේ හයිකෝප් නඩු විභාගය අවසන්වීමෙන් පසු අධිකරණ භූමියෙන් පිටව යද්දී මාධ්යය අමතමිනි. එමෙන්ම ඒ මහතා පැවසූයේ මට ආණ්ඩුවෙන් දීපු පර්චස් 35 ත් පොලීසිය යොදවා බලෙන් අල්ලාගෙන ඇති බවයි.
යුද්ධය ජයග්රහණය කිරීමෙන් පසු සෙන්පතියන්ට නින්දගම් දෙන බව මාදුළුවාවේ සෝභිත හිමියන් පවසා ඇති බවත් ඒවා දෙනු ලබන්නේ රාජ මනසක් රාජ ජාන හා රාජ සංවරයක් ඇති පුද්ගලයින්ට බවද හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්රධානී හා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා තවදුරටත් පැවසීය.