එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් ටිකට් අළෙවිය ඇරඹෙයි

Spread the love

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ 2026 ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින සහ විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය නැරඹීම සදහා වන ප්‍රවේශපත්‍ර දැන් www.srilankacricket.lk වෙබ් අඩවිය හරහා මිලදී ගැනීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කොට තිබේ.

අදාළ තරග සංචාරය යටතේ ප්‍රථමයෙන්ම තරග 3 කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරග 3 කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර අනතුරුව තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

දෙරට අතර පළමු තරගය ජනවාරි මස 22 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු එක්දින තරගයෙන් ආරම්භ වන අතර 24, සහ 27 යන දෙදින අනෙක් තරග පැවැත්වේ. අනතුරුව ජනවාරි 30 වැනිදා පළමු විස්සයි-20 ජාත්‍යන්තර තරගය පැවැත්වෙන අතර පෙබරවාරි 01 සහ 03 යන දිනවලදී අනෙක් තරග දෙක පල්ලේකැලේදීම පැවැත්වෙනු ඇත.

ක්‍රීඩාංගණ දෙකේම පැවැත්වෙන තරග වල අවම ප්‍රවේශපත්‍ර මිල වන්නේ රු. 1000 ක් වන අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඩී කොටසේ සහ පල්ලකැලේ ක්‍රීඩාංගණයේ තෘණ භුමියේ සිට එම අවම මිල ගණන් යටතේ තරග නැරඹිය හැකිවේ.

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එක්දින තරගාවලියේ ප්‍රවේශපත්‍ර මිල ගණන්

Grand Stand – Top Level – රු. 10,000 යි

Block A – Upper Level – රු. 5,000 යි

Block A – Lower Level – රු. 3,000 යි

Block B – Upper Level – රු 5,000 යි

Block B – Lower Level රු 3,000 යි

Block C – Upper Level රු 2,000 යි

Block C – Lower Level රු 1,000 යි

Block D – Upper Level රු 2,000 යි

Block D – Lower Level : රු. 1,000 යි

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන විස්සයි-20 තරගාවලියේ ප්‍රවේශපත්‍ර මිල ගණන්

Grand Stand – Top Level Box (වායු සමීකරණ කරන ලද) – රු 20,000 යි

Grand Stand – Top Level ‘A’ රු 10,000 යි

A Lower – රු 5,000 යි

B Lower රු 5,000 යි

තෘණ භූමිය (Grass Embankment) – රු 1,000 යි

Tags: