උසස් පෙළ ටියුෂන් හෙට මධ්‍යම රාත්‍රියෙන් පසුව බෑ – විභාග දෙපාර්තමේන්තුව
- Editor
- November 18, 2024
- පුවත් සහ වාර්තා
- news
- 0 Comments
අපොස උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති වැඩමුළු සහ සම්මන්ත්‍රණ හෙට (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. එසේ නොකරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි.
මෙවර උසස් පෙළ විභාගය ලබන 25 වැනි දා ආරම්භ කෙරෙන අතර එය දෙසැම්බර් 20 වැනිදා දක්වා පැවැත්වේ. විභාගය සඳහා සිසුන් 3,33185ක් ලියාපදිංචි වී ඇති අතර එයින් 253390ක් පාසල් අයදුම්කරුවන් වන අතර 79795ක් පෞද්ගලික අයදුම්කරුවන් වෙයි.

