උසස් අධ්‍යාපන ආයතන නියාමනයට නීතිමය රාමුවක්
- RSL
- September 10, 2011
- Uncategorized
- 0 Comments
ඊයේ (09 සැප්.) මිනුවන්ගොඩ පැවති රැස්වීමකට සහභාගී වෙමින් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසුවේ උසස් අධ්‍යාපන ආයතන නියාමනයට නීතිමය රාමුවක් පනත් කෙටුම්පතක් මගින් රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන නියාමනයට නීතිමය රාමුවක් ඇති කරන බවයි.
එමෙන්ම අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මාලඹේට අමතරව කොළඹ හා මහනුවර නව පෞද්ගලික පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇරඹීමට ව්‍යාපෘති ඉදිරිපත්ව ඇති බවයි.
උපකුලපතිවරුන් සහ අධ්‍යක්ෂකවරුන්ගේ වාර්ෂික කමිටු රැස්වීම ඊයේ (09 සැප්.) පෙරවරුවේ, උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
ආසියාවේ දැනුම් කේන්ද්‍රය සඳහා රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල බලපෑම යන තේමාව යටතේ පැවති මෙම රැස්වීම අදත් (10 සැප්.) පැවැත්වෙනු ඇති.