ඉරානයට බ්‍රිතාන්‍යයෙන් අනතුරු ඇඟවීම්
- RSL
- November 30, 2011
- විදේශීය
- ඉරානය, බ්‍රිතාන්‍ය, ලුතිනන් ජෙනරාල් ජගත් ජයසුරිය
- 0 Comments
ඉරානයට බරපතල ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් අනතුරු අඟවා තිබේ.
ඔහු එම ප්‍රකාශය කර ඇත්තේ, ටෙහෙරාන් අගනුවර සිය තනාපති කාර්යාලයට උද්ඝෝෂකයින් එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් විරෝධය පළ කරමිනි.
උද්ඝෝෂකයින් එම විරෝධතාව සංවිධානය කරනු ලැබ තිබුණේ, බ්‍රිතාන්‍ය ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළට එරෙහිව සැලසුම් කර ඇති සම්බාධකයන්ට විරෝධය පළ කරමිනි.
ටෙහෙරාන් අගනුවර බ්‍රිතාන්‍ය තනාපති කාර්යාලය අද දිනයේ වසා දමා ඇතැයිද රොයිටර් වාර්තා කළේය.