ඉන්ධන මිල සූත්‍රය කැබිනට් මණ්ඩලයට
- Editor
- February 13, 2022
- ආර්ථික සහ ව්‍යාපාරික, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ඉන්ධන මිල සූත්‍රය කෙටුම්පත් කර අවසන් බවත් එය ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
ලෝක වෙළෙඳ පොළේ මිල ඉහළ යාම හේතුවෙන් ඉන්ධන මිල වැඩි කරන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළද ඒ පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවද ඔහු පැවසීය. ලෝක වෙළෙඳපොළේ මිල ගණන් අනුව ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනය නොකළහොත් එහි බර දුප්පතුන්ට දැරීමට සිදුවන බැවින් වහාම සූත්‍රයක් සම්මත කළ යුතු බව අමාත්‍යවරයා මීට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

