ඉන්ධන මිල සංශෝධනයක් – නව මිල ගණන් මෙන්න

Spread the love

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කර තිබේ. ඒ අනුව රුපියල් 355ක් වූ ඔක්ටේන් 92 ලීටරයක් ​​රුපියල් 11කින් අඩු වන අතර එහි නව සිල්ලර මිල රුපියල් 344කි.

ලීටරයක් රුපියල් 420ක් වූ ඔක්ටේන් 95 මිල ​​රුපියල් 41 කින් අඩු වන අතර එහි නව සිල්ලර මිල රු. 379.

රුපියල් 377ක් වූ ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් ​​රුපියල් 22 කින් අඩු කර ඇති අතර එහි නව සිල්ලර මිල රුපියල් 355 කි.

කෙසේ වෙතත්, ලංකා සුපර් ඩීසල් සහ ලංකා භූමිතෙල් ලීටරයක මිලෙහි වෙනසක් නොමැත.

Related Posts