හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා භෞතචිකිත්සක ප‍්‍රතිකාර සඳහා ඊයේ(25 අගෝ.)කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන එනු ලැබූ අවස්ථාවේදී රැස්ව සිටි ජනතාවට ප්‍රකාශ කළේ දූෂිත දේශපාලනඥයින්ගෙන් ජනතාව ගලවා ගැනීම සඳහා, රණවිරුවන් ඇතුළුව යුද්ධය වෙනුවෙන් විශාල කැපකිරීම් කළ සියළුදෙනාටම තමන් සමඟ දැන් එක්වන ලෙසය.
ජෙනරාල්වරයා රෝහල තුළට අතුළු වූයේ ‘මාධ්‍යයට ජයවේවා.. මාධ්‍ය නිදහස රැකේවා’ යනුවෙන් පවසමිනි.
රෝහලෙන් පිටව යමින් ඔහු කියා සිටියේ, ‘‘ග‍්‍රීස් යක්කු හත් අටදෙනෙක් ආරක්ෂා කර ගන්න බැරි කට්ටිය යුද්දේ මෙහෙයවූවා, බුද්ධි අංශය මෙහෙයුවා කියනවා. රණවිරුවෝ, යුද්දේ වෙනුවෙන් මහා පරිමාණ කැප කිරීම කරපු හැමදෙනාම මාත් එක්ක එකතුවෙන්න…’’
‘‘ඉදිරියේ මහා පරිමාණ කැපකිරීම් කරලා මේ රටේ ජනතාව දූෂිත දේශපාලඥයින්ගෙන් බේරගන්න ඕනේ… ජයවේවා.”
[youtube pr4W8ri5yxg]