ඉක්මනින් රට විවෘත නොකළොත් ‘ආර්ථිකය‘ ඉදිරියට ගෙනයා නොහැකියි – ජනපති
- Editor
- July 5, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ඉක්මනින් රට විවෘත නොකළහොත් ආර්ථිකය ඉදිරියට ගෙන යා නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. එන්නත් මිලියන 9ක් මේ මාසයේ රටට ලැබෙන බවත් මේ තත්ත්වය යටතේ සැප්තැම්බර් මාසය වන විට රට සම්පූර්ණයෙන් විවෘත කළ හැකි බවත් ජනපතිවරයා පැවසීය.
ලොව පුරා රටවල් 112ක සමූපකාර ව්‍යාපාරය ඉතා සාර්ථකව පවත්වාගෙන යන අතර සෑම වසරකම ජූලි මස පළමුවන සෙනසුරාදා “ජාත්‍යන්තර සමූපකාර දිනය” ලෙස නම් කර තිබේ. ඒ නිමිත්තෙන් අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති “99වන ජාත්‍යන්තර සමූපකාර දින” සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

