ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාවේ අවුල ලිහෙයි !
- Editor
- June 28, 2021
- පුවත් සහ වාර්තා
- Featured
- 0 Comments
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස මොඩෙර්නා සහ ෆයිසර් එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත්කළ බෝවන රෝග පිළිබඳව විශේෂඥ කමිටුව අද (28) පස්වරුවේ අනුමැතිය ලබාදුන් බව ඖෂධ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.
ෆයිසර් එන්නත් මාත්‍රා 26,000 ක් සහ මොඩෙර්නා එන්නත් මාත්‍රා මිලියනයක් ලබන මස මුල් සති දෙක ඇතුළත මෙරටට ලැබීමට නියමිත බව කී රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා එම එන්නත් ලැබුණු පසු අදාළ දෙවන මාත්‍රාව ලබාදීමට පියවර ගන්නා බව ද සදහන් කළේය

