ඇමති බන්දුලගේ ලාබ බඩු 27 මල්ලෙන් දැවැන්ත ගසා කෑමක්

Spread the love

ජනතාවට සහන මිලට අත්‍යාවශ්‍ය භාණ්ඩු ලබා දීමට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් ව්‍යාපාරිකයින් පිරිසක් සමග ඇතිකරගෙන තිබෙන එකඟතාවයට අනුව සිදුව ඇත්තේ රජයේ පාලන මිලටත් වඩා වැඩියෙන් එම භාණ්ඩ අලෙවි කිරීමට ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලබාදීමක් බවත් එය නීතිවිරෝධී බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා අද (09) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනය සදහන් වෙයි.

අමාත්‍යවරයා සහ ව්‍යාපාරිකයින් අතර ඇතිකර ගත් එකඟතාවක් අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක් පසුගිය සඳුදා සිට සතොස, සමූපකාරය හරහා පමණක් අලෙවි කිරීමට පියවර ගෙන තිබුණි.

එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ, පාරිභෝගික කටයුතු අධිකාරියේ නියෝග අංක 71 අනුව සීනි අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 85කි. අමාත්‍යවරයා හා ව්‍යාපාරිකයින් අතර ඇතිව තිබෙන එකගතාවයට අනුව සීනි අලෙවි කරනු ලබන මිල රුපියල් 99කි. මේ අනුව මෙම මිලට සීනි අලෙවි කිරීම ශ්‍රී ලංකාවේ වලංගු නීතිය උල්ලංඝණය කිරීමකි. සහල් සඳහාද පාලන මිලක් නියම කර ඇත. ඒ අනුව පාලන මිලක් පනවා ඇති භාණ්ඩ අනීතික ලෙස වැඩි මිලට අලෙවි කරනු ලබන ව්‍යාපාරිකයින්ට ආරක්ෂාවක් ලබා දීම වෙළද අමත්‍යවරයා විසින් සිදු කිරීම දූෂණයකි.

මෙම දූෂණයට එරෙහිව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද එහි සභාපති රංජිත් විතානගේ සඳහන් කරයි.

RSL

Related Posts