‘ඇමතිකම් ඉල්ලුවෙත් නෑ – දුන්නත් ගන්නෙත් නෑ‘ – හිටපු ජනපති මෛත්‍රී ගෙන් විශේෂ නිවේදනයක්
- Editor
- June 28, 2021
- දේශපාලන, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍යධුරයක දිවුරුම් දීමට නියමිත බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය විසින් අද (28) දින නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා. එම නිවේදනයේ සදහන් වන්නේ හිටපු ජනපතිවරයා අමාත්‍යධුරයක් හෝ වෙනත් කිසිම තනතුරක් තමා වෙත ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් නොකළ බවත් එවැනි තනතුරක් ලබා ගැනීම හිටපු ජනපතිවරයා බලාපොරොත්තු නොවන බවත්ය.
එම නිවේදනය පහතින් පල වේ.

